Pages

මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන …

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !

Monday, May 6, 2019

"නුගේගොඩ මුද්දර කඩේ"



මූද්දර සල්පිල් නැති කාල වකවානු වල දී වුනත් මුද්දර, සිහිවටන පත්‍රිකා, මුල්දින කවර, අැල්බම් සහ මුද්දර අාශ්‍රිත අනෙකුත් ද්‍රව්‍ය වගේම කාසි හා නෝට්ටු වුණත් මිලට ගන්න පුළුවන් තැනක් ගැන තමා මේ කියන්න යන්නෙ.. නුගේගොඩ මුද්දර කඩේ කිව්වම කව්රුත් දන්න මේ තැන තියෙන්නෙ නුගේගොඩ හංදියේ හයිලෙවල් පාර අයිනෙ තියෙන "සවිසිරි" ගොඩනැගිල්ලේ. ඔව් අර අපි හැමෝම දන්න "මෙංගල මුදු මේල වළලු.. රෙන් අබෙරණ" ලබා ගන්න පුළුවන් තැන තමයි මේ ගොඩනැගිල්ලේ පහළම තට්ටුවේ තියෙන්නෙ. ඔයා විදුලි සෝපානයෙන් යනවා නම් එතැනින් දකුණු අත පැත්තට ගිහින් එ්ක ක්‍රියාකරවන අංකල්ට කියන්න මුද්දර කඩේට ගෙනියන්න කියල. නැත්තම් ඉතින් පඩිපෙලින් යන්නත් පුළුවන්.. කොහොම හරි මේ තැන තියෙන්නෙ 3 වැනි හා 4 වැනි මහල් අතරේ. හරියටම කිව්වොත් ගොඩනැගිල්ලේ අංක 604 දරණ තැන තමයි මූද්දර කඩේ පවත්වාගෙන යන්නෙ. අැත්තටම මේ මුද්දර කඩේ කර ගෙන යන්නේ Dinesh Wijerathne සහ Michael Kao කියන Dealers ලා දෙන්නා තමා. සාමාන්‍යයෙන් හැම සති අන්තයකම සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනවල උදේ 10.00 ඉඳන් හවස 5.00 විතර වෙනකල් මුද්දර කඩේ විවෘතව තියෙනවා. වැඩි විස්තර ඔිනෑ  වුනොත් මේ අංකයට කතා කරල බලන්න.

දිනේෂ් විජේරත්න 📱077 645 5997

මයිකල් කාඔ 📱077 722 0727







| මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ.|